මහනුවර ජනතාවට පිහිට වෙන්න අකුරැස්සේ මහා සඝරුවන පිණ්ඩපාත චාරිකාවක්

පැවැති අයහපත් කාලගුණය සහ ගංවතුරින් පීඩාවත් පත් මහනුවර, උඩුදුම්බර ප්‍රදේශයේ ජනතාවට පිණ්ඩපාතයෙන් ලද දෑ පරිත්‍යාග කිරීමේ අරමුණින් අකුරැස්සේ මහා සඝරුවන ඊයේ (02) අකුරැස්ස නගරය මෙන්ම තදාසන්න ප්‍රදේසහ කිහිපයක පිණ්ඩපාත චාරිකාවක් පවත්වනු ලැබුවා.

අකුරැස්ස, දියලපේ සුවිසුද්ධාරාම පිරිවෙන් මහා විහාරය, ඉඹුල්ගොඩ අරම්පත්ත ධර්මගවේශී භික්ෂු විවේකාශ්‍රමය, පෝරඹ බෝධිරුක්ඛාරාම පුරාණ මහා විහාරස්ථානයන්හි සංඝරත්නය මීට එක්ව සිටියා.

ඉහත විහාරස්ථානයන්ට දායක පිංවතුන්ලාගෙන් ලැබුණු වියළි සලාක ආහාර ද්‍රව්‍ය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙන්ම පාසල් උපකාරණ සහ පිණ්ඩපාතයෙන් ලද පරිත්‍යාග මහනුවර, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝර ගත් පාසල් දරුවන් සහ ගම්වාසීන් වෙත ඉදිරි දිනකදී ලබා දීමට කටයුතු කරන බව අකුරැස්ස අරම්පත්ත ධර්ම ගවේශී භික්ෂු විවේකාශ්‍රම විහාරාධිකාරි හබරකඩ පදුමනන්ද ස්වාමීන් වහන්සේ පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?