මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස පුලින රණසිංහ මහතා අද (15) තේරීපත්ව තිබෙනවා.
එම සංගමයේ දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවති නිලවරණයෙන් නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීම සිදුකරනු ලැබුවා.
ඒ, අනුව හිටපු සභාපති මහජන සෞඛ්‍යය පරීක්ෂක උපුල් රෝහණ මහතා පරාජය කර පුලින රණසිංහ මහතා නව සභාපතිවරයා ලෙස මෙලෙස තේරී පත් වුණා.
පුලින රණසිංහ මහතා ගාලු දිස්ත්‍රික් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
1
+1





