spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මහජන නියෝජිතයින්ගේ වරප්‍රසාද රැසක් කප්පාදු කරලා – මුදල් රාජ්‍ය ඇමති (වීඩියෝ)

මහජන නියෝජතයින් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ අද (21) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වූ බවත් මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා ,එවැනි යෝජනා යට යෑම වැලැක්වීම සඳහා අයවැය කාර්යාලය මඟින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව ද පැවසුවා.

මේ අතර, සහනාධාර ලැබිය යුතු ජනතාවට ලබාදෙන සහනාධාර වසර තුනකින් පමණ අහෝසි කිරීමට කටයුතු කරන බවට නඟන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ රජයේ අරමුණ වසර තුනකින් සහනාධාර නැති කිරීම නොව එම සහනාධාර අපේක්ෂා කරන ජනතාව ශක්තිමත් කිරීම බවයි.

https://youtu.be/5rtOS06JDJ0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?