මහජනතාවට මැතිසබයේ දොරටු ඇරේ (ඡායාරූප)

පසුගිය සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් සිසුන්ට පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා අවස්ථාව හිමිව තිබෙනවා.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා මෙම අවසර ලබාදී ඇති බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදය කළේ.

පසුගිය කාල සීමාව තුළදී කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට මහජනතාවට පාර්ලිමේන්තුව නැරඹීම සඳහා අවස්ථාව හිමි වූයේ නැහැ.

මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින් ආදී පිරිස් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඊයේ (26) දිනයේ දී කොළඹ කාන්තා විද්‍යාලයේ සිසුවියන් සියයකට අධික පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.

මෙහිදී සිසුවියන්ට මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු සභා ගර්භය නැරඹීමට අවස්ථාව හිමි වූ අතර එහිදී සභාගර්භය පිළිබඳ දැනුවත් කිරිම ද සිදු කෙරුණා.

පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පාසල් බලධාරීන් හට තම අයදුම්පත් වේත්‍රධාරි වෙත ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, රජයේ ලියාපදිංචි උසස් අධ්‍යාපන ආයතන සහ විදේශීය සංචාරකයින්ට ද මෙම පහසුකම ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

306659535 428648066077665 2351327986041144747 n
306350668 428648019411003 4244731604588934341 n
309120266 428647849411020 7952534334540133228 n
307871035 428647812744357 9161444429057112302 n
309260724 428647742744364 6778861673140594497 n
306776928 428647722744366 2603676816851569677 n
307587664 428647459411059 5303512080289529361 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?