මව්කිරි හිරවීමෙන් මාස දෙකහමාරක් වයසැති බිලිඳකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම හදිසි මරණ පරීක්ෂක පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ගොඩගම අංක 150/ඒ හි පදිංචි මඩලගමගේ සෙනුල් දහම්ස සෙනෙහස් ජයකොඩි නමැති මාස දෙක හමාරක බිලිඳකු බව කියයි.
මෙම බිලිඳාගේ මව සහ ආච්චි අම්මා බිලිදා සමඟ ගොඩගම ප්‍රදේශයේ ඥාති නිවෙසකට පැමිණි අවස්ථාවේදී උදෑසන මවුකිරි පොවා ගුඩුස් හැර දරුවා නිදි කරවා ඇතැයි පැවැසේ. එහෙත් පැයකට අධික කාලයක් දරුවා අවදි නොවීම නිසා මව පැමිණ ඒ පිළිබඳව විපරම් කිරීමේදී දරුවාගේ සිරුර අධික ලෙස සීතල වී තිබීමත් නහයෙන් ලේ සහ සුදු පැහැති ද්‍රව්‍යයක් වැගිරී තිබීමත් හේතුවෙන් ක්ෂණයකින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර එහිදී වෛද්‍යවරුන් පරික්ෂා කොට පවසා ඇත්තේ බිලිදා මියගොස් ඇති බවයි. ඒ අනුව බිලිදු මළ සිරුර පශ්චාත් වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරි බී.එන්.ටී.එම්. බෝරුක්ගම විසින් මෘතදේහය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණය සිදු කර තිබෙනවා. ඒ අනුව ලද වෛද්‍ය වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි අනුව ආමාශගත මවුකිරි කොටස් පෙණහලු තුළ තුළ සිරවීමෙන් ශ්වසන අපහසුතාව බිලිදාගේ මරණයට හේතුව බව හදිසි මරණ පරීක්ෂක නිගමනය කර ඇතැයි සඳහන්




