‘මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීමට අවධානය

මව්කිරි දීමේ දර්ශක සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තලයක පවතින අතර, World Breastfeeding Trends initiative (WBTi) විසින් ‘Green Status’ ලබා දුන් ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් ව තිබෙනවා.

වාණිජමය පරමාර්ථ මුල් කර ගෙන කිරිපිටි කර්මාන්තය මඟින් දරුවන් වෙත එල්ල වන සදාචාර විරෝධී සහ හානිකර බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කරමින් දරුවන්ගේ සෞඛ්‍ය සහ පෝෂණය ආරක්ෂා කිරීමත්, විද්‍යාත්මකව තහවුරුව ඇති ප්‍රධානතම මැදිහත් වීමක් ලෙස සලකා මව්කිරි දීම ආරක්ෂා කිරීමත්, මව්කිරි දීම සම්බන්ධයෙන් ගෝලීය ප්‍රමුඛයා ලෙස මෙරටට ඇති පිළිගැනීම අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කිරීමත් අරමුණු කරගෙන මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීම සඳහා පනතක් මඟින් නීතිමය විධිවිධාන හඳුන්වා දීම පිණිස 2018-10-16 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවයි රජය පැවසුවේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?