මල්ලිගේ ප්‍රහාරයෙන් අයියා මරුට (ඡායාරූප)

වැල්ලවාය කෝන්ගහරූප්ප ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තම වැඩිමහල් සොහොයුරාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත මෙම ඝාතනය සිදු වී ඇති අතර මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු තිස් හතරක් වන තිදරු පියෙක්.

ඝාතනය සිදු කළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 25ක තරුණයෙක්.

මෙම සහෝදරයින් දෙදෙනා විවාහයෙන් පසු එකම නිවසක ජීවත් වී ඇති අතර විටින් විට එම නිවස සම්බන්ධයෙන් ඔවුන් අතර අඩදබර ඇති වී ඇති බවයි හෙළිවන්නේ.

පසුව අවස්ථා රැසක දීම මේ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිලි කර ඇති අතර ඊයේ උදෑසන කාලයේ දී ද මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් උරණ වූ සැකකරු ඊයේ රාත්‍රි මෙම ප්‍රහාරය සිදු කර ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?