මරණ 08ක් සමගින් මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 107ක් දක්වා ඉහළට

ආසාදිතයින් 473ක් වාර්තා වෙයි

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනයේදී කොවිඩ් මරණ 08ක් සමගින් වාර්තා වීමත් සමගයි.

අද දින වාර්තා වූ අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි 70 හැවිරිදි රැඳවියෙකු ද සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

මිට අමතරව කොළඹ 15, 13, 09, 10, 02 යන ප්‍රදේශවල ජිවත් වූ වයස අවුරුදු 87, 83, 78, 69, 54, 58 සහ 36 වියේ පසුවූ කාන්තාවන් සිව්දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත.

අද දිනයේදී වාර්තා වූ මරණ 08 කින් 05ක්ම වාර්තා වී ඇත්තේ නිවෙස් වලදී වීම විශේෂත්වයක්.

මේ අතර අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 473ක් බව කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,502ක් වන අතර ඉන් සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,226ක් වනවා. මේ වන විට රෝහල් ගතව සිටින පිරිස 6,168ක් වනවා.

අද දිනය වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිත කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 18,963ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?