මරණ අඩුවෙයි – ඇදිරිනීතිය සම්බන්ද නිවේදනයක්

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්. 21 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවත් එම දින වෙනස් වුවහොත් ඉදිරියේදී ඒ පිළිබඳව දැනුම් දෙන බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ කොරෝනා ආසාදිතයන්ගේ සහ කොවිඩ් මරණ සංඛ්‍යාවේ අඩු වීමක් දක්නට ලැබෙන බවත් සැප්තැම්බර් මාසයේ අවසානය වන විට අසාදිතයන් සහ කොවිඩ් මරණ සංඛාත්මකව අඩු වනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පවසයි.

“මේ රටේ අසංවිධිත ආර්ථිකයකින් ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම නිරෝධායන ඇඳිරි නීතිය හරහා අපහසුතාවට පත් වෙමින් ජීවිකාව කරගෙන යාමට ඉතා ම අසරණ වෙලා තියෙන බව අපි දන්නවා. ඒ නිසා ඔවුන් වෙනුවෙන් තමයි යම් කිසි ප්‍රමාණයක බුරුලක් ලබලා තියෙන්නෙ ඔවුන්ගේ ආර්ථිකය පවත්වා ගෙන යාමට ආර්ථික මධ්‍යස්ථාන විවෘත කොට කෘෂිකර්ම ක්ෂේත්‍රය, වැවිලි ක්ෂේත්‍රය, අපනයන ක්ෂේත්‍රයන්ට අවසර ලබා දීලා තියෙන්නේ. “

නිරෝධායන ඇඳිරි නීතිය කුඩා ව්‍යාපාර සඳහා ඇති කරන බලපෑම පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34