මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ III අදියර 2027 දක්වා දිගු කිරීමට අනුමැතිය

යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ I සහ II අදියරයන් නිම කර තිබෙනවා.

එම වරායේ ඉතිරි සංවර්ධන කටයුතු III අදියර යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරුණේ.

එම අදියර යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර හා දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහා ද ජලය, විදුලිය, ඉන්ධන ආදී ප්‍රධානම හා අත්‍යවශ්‍යම පහසුකම්, ධීවර ප්‍රජාව වෙත අත්‍යවශ්‍ය දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් හා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම් ද සලසා දීමට අපේක්ෂා කෙරෙනවා.

ඒ අනුව, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ III අදියර යටතේ සැලසුම් කර ඇති ගොඩබිමේ සිදු කළ යුතු ඉදිකිරීම් සිදු කිරීමටත්, ව්‍යාපෘති කාලසීමාව 2027 වර්ෂය දක්වා දීර්ඝ කිරීමටත් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?