AFC Banner
Empty Ad
Empty Ad

මයික්‍රොසොෆ්ට් Windows බිඳ වැටීම ක්‍රමයෙන් යථා තත්ත්වයට

මයික්‍රොසොෆ්ට් ආයතනයේ Windows පරිගණක බිඳ වැටීමෙන් පසු අකර්මන්‍ය වූ ලොව පුරා ව්‍යාපාර සහ සේවා ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රවුඩ් ස්ට්‍රයික් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ, මේ සඳහා විසඳුමක් ලබා දී අති නමුත් සියලු පද්ධති නැවත ක්‍රියාත්මක වීමට යම් කාලයක් ගතවන බවයි.

මයික්‍රෝසොෆ්ට් සමාගමේ වින්ඩොස් 10 ඇතුළත් පරිගණකවල ආරක්ෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ලොවපුරා මිලියන ගණනකට බලපෑම් එල්ල වුණා.

මෙම තත්ත්වයත් සමඟ ගුවන් ගමන්, බැංකු, සුපිරි වෙළද සංකීර්ණ, දුම්රිය, රෝහල් ඇතුළු සේවා සැපයීම සහ තවත් ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාලව පැවතියා.

මේ අතර ෆැල්කන් මෘදුකාංගය නිෂ්පාදනය කරන අමෙරිකාවේ ක්‍රවුඩ් ස්ට්‍රයික් සමාගම සිය යාවත්කාලීන කිරීමේ දෝෂයක් හේතුවෙන් මෙය සිදු වූ බවට පිළිගනු ලැබුවා.

මෙම තත්ත්වය නිසා මෙරටට බලපෑමක්ව ඇත්ද යන්න සෙයා බැලීම සඳහා රජයේ ආයතන 40 කින් වාර්තාවක් කැඳවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?