මයික්‍රොසොෆ්ට් Windows බිඳ වැටීම ක්‍රමයෙන් යථා තත්ත්වයට

මයික්‍රොසොෆ්ට් ආයතනයේ Windows පරිගණක බිඳ වැටීමෙන් පසු අකර්මන්‍ය වූ ලොව පුරා ව්‍යාපාර සහ සේවා ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රවුඩ් ස්ට්‍රයික් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ, මේ සඳහා විසඳුමක් ලබා දී අති නමුත් සියලු පද්ධති නැවත ක්‍රියාත්මක වීමට යම් කාලයක් ගතවන බවයි.

මයික්‍රෝසොෆ්ට් සමාගමේ වින්ඩොස් 10 ඇතුළත් පරිගණකවල ආරක්ෂණ පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ලොවපුරා මිලියන ගණනකට බලපෑම් එල්ල වුණා.

මෙම තත්ත්වයත් සමඟ ගුවන් ගමන්, බැංකු, සුපිරි වෙළද සංකීර්ණ, දුම්රිය, රෝහල් ඇතුළු සේවා සැපයීම සහ තවත් ක්ෂේත්‍ර රැසක කටයුතු අඩාලව පැවතියා.

මේ අතර ෆැල්කන් මෘදුකාංගය නිෂ්පාදනය කරන අමෙරිකාවේ ක්‍රවුඩ් ස්ට්‍රයික් සමාගම සිය යාවත්කාලීන කිරීමේ දෝෂයක් හේතුවෙන් මෙය සිදු වූ බවට පිළිගනු ලැබුවා.

මෙම තත්ත්වය නිසා මෙරටට බලපෑමක්ව ඇත්ද යන්න සෙයා බැලීම සඳහා රජයේ ආයතන 40 කින් වාර්තාවක් කැඳවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33