මයික්‍රොසොෆ්ට් සමාගමේ විශාලතම ඉන්දීය දත්ත මධ්‍යස්ථානය 2026 මැද භාගයේදී ඇරඹේ

ලොව ප්‍රමුඛතම තාක්‍ෂණික සමාගමක් වන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම ඉන්දියාව තුළ ස්ථාපිත කරන ඔවුන්ගේ විශාලතම දත්ත මධ්‍යස්ථානය (Data Center) සැලසුම් කළ පරිදි 2026 වසරේ මැද භාගය වන විට සක්‍රීය කිරීමට සූදානම් වන බව එම සමාගමේ විධායක නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.

කෘතිම බුද්ධි (AI) සේවා සඳහා ලෝකයේ විශාලතම වෙළෙඳපොළක් වන ඉන්දියාව තුළ තම ස්ථාවරය ශක්තිමත් කරගැනීම වෙනුවෙන් මයික්‍රොසොෆ්ට් සමාගම විශාල වශයෙන් ආයෝජනය කරමින් සිටී.

මයික්‍රොසොෆ්ට් ඉන්දු සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනීත් චන්ඩොක් (Puneet Chandok) මහතා සඳහන් කළේ ඉන්දියාව තුළ ‘Azure’ Cloud සේවා සහ මසකට ඩොලර් 30ක් වන ‘Copilot 365’ AI සහායකයා සඳහා පවතින්නේ අතිමහත් ඉල්ලුමක් බවයි.

මේ හේතුවෙන් මයික්‍රොසොෆ්ට් සමාගම ඉන්දියාව වෙනුවෙන් ඩොලර් බිලියන 17.5ක දැවැන්ත ආයෝජනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, දකුණු ඉන්දියාවේ ප්‍රධාන තාක්‍ෂණික කේන්ද්‍රස්ථානයක් වන හයිද්‍රාබාද් (Hyderabad) නගරයේ මෙම නව දත්ත මධ්‍යස්ථානය ඉදි කෙරේ.

ඉන්දියාව සතු බිලියනයකට අධික අන්තර්ජාල පරිශීලකයින් සංඛ්‍යාව සහ දක්ෂ තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකාය නිසා ගූගල් (Alphabet) සහ ඇමසන් (Amazon) වැනි තරඟකාරී සමාගම්ද ඉන්දියාව දෙස දැඩි අවධානයක් යොමු කර ඇත.

ඉන්ෆොසිස් (Infosys), කොග්නිසන්ට් (Cognizant) සහ ටාටා (TCS) වැනි ඉන්දීය තොරතුරු තාක්ෂණ දැවැන්තයින් දැනටමත් මයික්‍රොසොෆ්ට් Copilot බලපත්‍ර 50,000කට අධික ප්‍රමාණයක් බැගින් භාවිත කරමින් සිටින බැවින්, මෙම නව දත්ත මධ්‍යස්ථානය හරහා එම වර්ධනය වන පාරිභෝගික පදනමට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වේ.

https://www.reuters.com/world/asia-pacific/microsofts-biggest-india-data-center-track-go-live-mid-2026-executive-says-2026-05-19
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38