මම මහින්දානන්ද ඇමතිතුමාට වැඳලා කිව්වා මේක කරන්න එපා කියලා – නිමල් ලන්සා

ආණ්ඩුවේ ඉඳලා නිමල් ලන්සා හිටපු ඇමතිවරයා ස්වාධීන වුණා. ඊට පස්සේ ඔහු ඇතුළු පිරිස අද විපක්ෂයේ අසුන් ගත්තා. අද පාර්ලිමේන්තුව ඇමති නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පලකළා.

මම නැගිට්ටේ පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්. අපි ස්වාධීන වුණා.අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා සර්ව පාර්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. මේ රටේ සමස්ත ජනතාව ඒ ඉල්ලීම කරනවා. ඒකට ඇහුම්කන් නොදී කැබිනට් මණ්ඩලයක් පත් කරගන්නවා. ඒ නිසයි අද අපි ආණ්ඩුවේ ඉදලා ස්වාධීන වුණු අපි විපක්ෂයේ අසුන් ගත්තේ. හැමෝම තේරුම් ගන්න ඕනේ රට ගිනි අරගෙන තියෙන්නේ. මහජනතාව විශාල ප්‍රශ්න ගොඩක ඉන්නේ. මේක කෑ ගහලා බැනලා විසඳන්න බෑ.. කථානායකවරයත් මේක පිළිගත්තා. විපක්ෂ නායකවරයත් පිළිගත්තා. රටේ දැඩි අර්බුදයක් තියෙනවා කියන එක පිළිගත්තා.

අද පාර්ලිමේන්තුව දිහා හැමෝම බලාගෙන ඉන්නවා. අද බලාගෙන ඉන්නවා අපිජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ කොහාමද කියලා. ජනතාව ගලවාගන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කරන්න ඕනේ. විධායක විසින් ගත්තු තීරණ හැම එකක්ම වැරදියි.. ඒ නිසයි මිනිස්සු පාරට ඇවිත් ඉන්නේ. හදවතට එකගව අපි පිළිගන්න ඕනේ ජනතාව අපෙන් ඉල්ලුවේ ජනතාවගේ සුබසිද්ධිය ඉටු කරන්න. ඒක අපිට කරන්න බැරිවුණා.. අපේ ආණ්ඩුව පිළිගන්න ඕනේ..

ජනාධිපතිතුමා අගමැතිතුමා අපි ඒ සියල්ල පිළිගන්න ඕනේ. පිළිගත්තොත් තමයි මේ ප්‍රශ්නවලට විසදුම් හොයන්න පුළුවන් වෙන්නේ. ඊයේ ජනාධිපතිතුමත් කිව්වා පොහොර තීන්දුව වැරදියි කියලා. මම වැඳලා කිව්වා මහින්දානන්දට මේක කරන්න එපා කියලා. අදවත් අපි නිවැරදි වෙමු.. ජනතාව මිලියන 22 ක් මේ අවස්ථාව බලාගෙන ඉන්නවා. අද ජනතාවට විධායකය පිළිබඳව විශ්වාසයක් නෑ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?