නීතිවිරෝධීව ගෙන ආ විසිතුරු මල් පැළ තොගයක් සමඟ තරුණයෙක් ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා විසිතුරු මල් පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළේ “හරිත මාවත” ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (10) අලුයම මෙම සැකකාර ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද (10) අලුයම 12.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මළු 03ක් තුළ ප්‍රිලෝඩෙන්ඩ්‍රම්, ඇග්ලෝනිමා, ඇලොකේශියා සහ මොන්ස්ටෙරා වර්ගවල විසිතුරු මල් පැළ 386ක් සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25