ලෝක කුසලානයේ ඉන්දියාව සමඟ 20-20 තරගයට පාකිස්ථාන රජය අනුමැතිය දෙයි

2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ එළඹෙන 15 වනදා පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තීරණාත්මක තරගය සඳහා සහභාගී වන ලෙස පාකිස්ථාන රජය එරට ක්‍රිකට් කණ්ඩායමට නිල වශයෙන් අවසර ලබා දී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පාකිස්ථාන රජය සිය නිල ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, නියමිත කාලසටහනට අනුව පෙබරවාරි 15 වනදා ඉන්දිය කණ්ඩායම සමඟ තරග කරන ලෙසයි.

මේ අතර පාකිස්ථාන – ඉන්දියා තරගය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පපාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (09) සිදුව ඇති බව වාර්තා වනවා.

එහිදී අනුර කුමාර ජනාධිපතිවරයා පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සලකා, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී කරවන ලෙසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ ඉල්ලීම ද පාකිස්ථාන රජයේ මෙම තීරණයට වැඩි බලපෑමක් එල්ල කළ බව විදෙස් වාර්තා සදහන් කරනවා.

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට
00:57
Video thumbnail
අලිකොටආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළට - ඉපැරැණි ගස් සහ ස්ථානත් මතුවෙයි
01:20
Video thumbnail
ගාල්ලට වැසි ඇදෙහැලෙන අයුරු - මුහුදු රළුවෙයි - සුළං තදවෙයි
02:06
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02