මම කෙනෙක්ට අවුරුදු හයක් ආදරය කළා… අදටත් සමහර තැන්වලදි ඒක මතක් වෙනවා

පබසරාට පුංචි කාලයට යන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් පබසරා යන්න කැමති?

පුංචි කාලෙට යන්න මට අවස්ථාවක් ලැබුණොත් මම මගේ ළදරු පාසල් කාලයට යන්න හරි ආසයි. ඒ කාලේ හරි ෂෝක්. ජීවිතේ ගැන කිසිම වගකීමක් නැති, ඉගෙනීම ගැන එතරම් තේරුමක් නැති සුන්දර කාලයක්. අදටත් පාරේ ළදරු පාසල් යන බබාලා දකිද්දි මට ”ඒ කාලේ හරි ෂෝක්” කියලා හිතෙනවා. මට මගේ ළදරු පාසල් ගිය ඒ කාලේ ගැන මතකයේ තියෙනවා. ඉගෙනීමටත් වඩා සෙල්ලමට යොමුවුණු ඒ කාලයට මම හරි ආසයි.

නොහිතපු වෙලාවක පබසරාව මේ කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

මාව කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණොත් මම බොහෝ වෙලාවට විදෙස්ගත වේවි. මම ලංකාවට වඩා පිටරට ඉන්න කෙනෙක්. හැම අවුරුද්දෙම මම පිටරට යනවා. බොහෝ වෙලාවට මම කොරියාවට තමයි වැඩිපුර යන්නෙ. මේ කොවිඩ් වසංගතය නිසා පසුගිය කාලයෙදි නම් මට විදෙස්ගත වෙන්න බැරිවුණා. ඒ නිසා මාව කලා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණොත් බොහෝ වෙලාවට මම නොකියා ගිහින් එහේ පදිංචි වේවි.

ඔබට නොකරපු වරදකට දඬුවම් ලැබෙනවා. එහෙම වුණොත් මොකද කරන්නෙ?

එහෙම වුණොත් මම නිශ්ශබ්දව බලාගෙන ඉන්නවා. බොහෝ ප්‍රශ්නවලට හොඳම දේ නිශ්ශබ්දව සිටීමයි. පසුගිය කාල වකවානුවෙත් මම නොකරපු දේකට ඔය විදිහේ අත්දැකීමක් ලැබුවා. හැබැයි මම ඒ කිසිම දේකට උත්තර දෙන්නෙ නැතිව බලාගෙන හිටියා. මම කර්මය කියන දේ විශ්වාස කරනවා. කොතැනක හරි වරදක් කරලා තියෙනවා නම් ඒකෙ ප්‍රතිඵල අපිට ලැබේවි. මට චෝදනා කරන එක බොරුවක් නම් ඒකටත් උත්තර කවදා හරි අපට ලැබේවි. ඒ වගේ ප්‍රශ්නයක් ආවම මම බොහෝ වෙලාවට ඒ අයගෙන් ඈත්වෙනවා. ඒ අය සමාජ මාධ්‍යයක ඉන්නවා නම් මම එයාලව සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. එයාලගේ වටේ හිටපු අයගෙන් පවා ඈත්වෙලා නිශ්ශබ්දව ලැබෙන ප්‍රතිඵලය දිහා බලාගෙන ඉන්නවා.

පබසරාට දේශපාලනයට පිවිසෙන්න ආරාධනාවක් හා අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් දේශපාලනයට එක්වෙනවද?
කොහෙත්ම නැහැ. මම කවදාවත් දේශපාලනයට එන එකක් නැහැ. රැකියාවක් නැතිව, කන්න බොන්න නැතිවුණත් මම කවදාවත් දේශපාලනයට එන්නෙ නම් නැහැ. මට දේශපාලනය සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැහැ. ඒ නැතත් මේ ලංකාවේ තියෙන දේශපාලන තත්ත්වය ගැන පැහැදීමක්, සුබවාදී හැඟීමක් නැහැ. ඒ නිසා කවදාවත් ඒ ක්ෂේත්‍රයට නම් යොමුවෙන්නෙ නැහැ.

හිටපු නැති වෙලාවක කෝටි ගණනක ලොතරුයියක් ඇදෙනවා. එහෙම වුණොත් ඒ මුදලට මොකද කරන්නෙ?

මම ලෙඩරෝග ඇති දරුවන්ට උදව් කරන්න හරි කැමතියි. මුහුණුපොතේ post එකක් දැක්කත් මම ඒ දරුවන් ගැන මගේ මුහුණුපොතේ කිසිම සඳහනක් නොකළාට මම මගේ අතේ ඇති මුදලින් ඒ දරුවන්ට උදව් උපකාර කරලා තියෙනවා. ජීවිතයත් මරණයත් අතර ඉඳලා බේරාගන්න පුළුවන් කෙනෙක් වෙනුවෙන් පිහිට වෙන්න මම දෙපාරක් හිතන්නෙ නැහැ. ඒ නිසා මට ලොතරැයියක් ඇදුණොත් කොටසක් එවැනි ජීවිත වෙනුවෙනුත් වෙන් කරනවා.

ජීවිතේ වෙච්චි සමහර සිදුවීම් අමතක කරලා දාන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් අමතක කරන්න උත්සාහ කරන්නෙ?

මම ගොඩක් ආදරය කරපු කෙනෙක් ඉන්නවා. ඒ ආදරය තුළ කවදාවත් සතුටක් නැතිව තිබුණු කාලයක් තිබුණා. මට අමතක කරන්න අවස්ථාවක් ලැබුණොත් මම සම්පූර්ණයෙන්ම ඒ කාලය අමතක කරලා දානවා. මම කෙනෙක්ට අවුරුදු හයක් ආදරය කළා. අදටත් සමහර තැන්වලදි ඒක මතක් වෙනවා. ඒ මතකයන් සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕනෙ. ඒ අවුරුදු ගණනාවටම ”මා ලද ප්‍රේමයක් නැත. මා කළ ප්‍රේමයක් ඇත.”

කලා ක්ෂේත්‍රයට අමතරව වෙනත් ක්ෂේත්‍රයක් හදාරන්න පබසරාට අවස්ථාවක් ලැබෙනවා. එහෙම වුණොත් ඔබ හදාරන විෂය මොකක්ද?

කලා ක්ෂේත්‍රය හැර මම ගිණුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉගෙන ගන්න ආසයි.

අද පවතින ආර්ථිකයත් සමඟ බොහෝ තරුණ තරුණියන් විදෙස්ගත වෙනවා. පබසරාට හොඳ රටක, හොඳ වැටුපකට, හොඳ රුකියාවකට ආරාධනා ලැබෙනවා. එහෙම වුණොත් ඔබත් රට දාලා යයිද?

එහෙම යන්න ලැබුණොත් මම අනිවාර් යෙන්ම රට දාලා යාවි.

image ba48743cf5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:00
Video thumbnail
බදු නොගෙවා ලංකාවට ගෙනා ලක්ෂ 18ක් පමණ දුම්වැටි තොගයක් වටලපු මෙහෙයුම
01:51
Video thumbnail
මොණරාගල වැව්වලට මිරිදිය මත්ස්‍ය පැටවුන් එක් කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි
01:49
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11