මම කියන්නෙත් ඕකමයි: සතොස හොර ගුහාවක් – ඇමතිගෙන් අමුතු කතාවක්

ස.තො.ස හොර ගුහාවක් බව විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වන බන්දුල ගුණවර්ධන මහතා හෙළිදරව් කරනවා.

තමා ඒ සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව පවා පැමිණිලි කොට තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විධායක අධ්‍යක්ෂකට ප්‍රතිචාර

වෙළෙඳ අමාත්‍ය ගුණවර්ධන මහතා මෙම කරුණු හෙළිදරව් කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂක ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතාට කරණ චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින්.

සතොසේ සිදු වූ සුදුළූණු වංචාවක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම් මත තමාට අමාත්‍යවරයාගෙන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරයාගෙන් එල්ල වූ බලපෑම මත තමා විධායක අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි තුෂාන් ගුණවර්ධන මහතා පවසන්නේ.

ඔහු චෝදනා එල්ල කරන රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ලසන්ත අලගියවන්න මහතායි.

අමාත්‍යවරයාගේ පැමිණිල්ල

තමාද සුදු ළුණු වංචා පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් වැඩි පුර තොරතුරු තුෂාන් ගුණවර්ධන මහතාගෙන් ලබා ගන්නා ලෙසද තමා එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බවයි ගුණවර්ධන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

එමෙන්ම තමා කිසිම දිනෙක තමාට චෝදනා එල්ල කරන තුෂාන් ගුණවර්ධන මහතා මුණ ගැසෙනවා තබා පියවි ඇසට දැක නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් තබමින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27
Video thumbnail
ලංකාවේ King Cobra අනුර කුමාර - කට ඇරියොත් නයි අරිනවා
03:16
Video thumbnail
අද අපි අනාථ වෙලා - අපි නාකි වෙනවා
04:36
Video thumbnail
ගාමිණි දිසානායක ගුණ සැමරුමේ දී සජිත් සංවේදී වෙයි
03:19