දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු එම පක්ෂයේ සාමාජිකයෝ පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා.
මලෛයිගම් ජනතාව මුහුණ දෙන අධ්‍යාපන, නිවාස සහ ඉඩම් ගැටලු පිළිබඳවත්, ඒ වෙනුවෙන් ගත යුතු කඩිනම් පියවර පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, එම සියලු ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණා.
එමෙන්ම, කඳුකරයේ පාසල්වල ගුරු හිඟය පියවීම සඳහා සුදුසුකම් ලත් දෙමළ මාධ්‍ය ගුරුවරු කඩිනමින් බඳවා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලකව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. දිගම්බරම්, වී.රාධාක්‍රිෂ්නන් යන ඇතුළු පක්ෂ සාමාජිකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.













