මනාලිය බලන්න ගිය මනමාලයාට වුණ දේ

යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත පළ කිරීමෙන් පසුවය. 

එහෙත් එහිදී කතාබහට ලක්වූ කිරි පිටි ප්‍රශ්නයක් නිසා මනාලිය මේ විවාහය ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් වාරියපොළ ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.

ඇය අගනුවර විදේශීය ආයතනයකට සම්බන්ධ ගිණුම් ලිපිකාරිණියකි. 

විවාහ අපේක්ෂිත තරුණයා ප්‍රදේශයේම ආයුර්වේද වෛද්‍යවරියකගේ පුතෙකි. 

එදින නිවසට ඒමෙන් පසු තේ පැන් සංග්‍රහයකින් ප්‍රබෝධමත් වී දිවා ආහාරයද ගැනීමට පෙරාතුව දෙපිරිස අතර සුහද සංවාදයක් ඇතිවිය. 

දැනට පවතින ඉන්ධන ගැටලු හා සීනි කිරිපිටි ගැටලුවද සාකච්ඡාවට බඳුන් වූ අතර ආයුර්වේද වෛද්‍යවරියක වූ යෝජිත මනාලයාගේ මව කීවේ කිරිපිටි මිල ඉහළ දැමීම ගැටලුවක් නොවන බවය.

”මට දරුවො හතර දෙනයි. මේ ආවෙ බාලයා. මේ දරුවො හතර දෙනාටම මම එකම පිටි කිරි හැන්දක් පොවල නෑ. ඉස්කෝලෙට යන තුරුම මව් කිරි දුන්නෙ. දැන් ඉන්න අම්මලා මව්කිරි කළඳක් නොදී ඇඟපත හදා ගන්න බලනව. බොරු සෝබනේ” කීවේ  තරමක කෝපයෙනි.

කවුරුත් මේ කතාව හිස වනමින් අනුමත කළත් මේ කතාව හොරෙන් අසා සිටි යෝජිත මනාලිය ඔවුන් ගිය පසු කීවේ ”ඒ අම්මට දරුවන්ට කිරි දිදී ඉන්න ඕන නං පුතාට එළදෙනෙක් බැඳගන්න කියන්න.” කියාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56