මනාලයාගේ මෝටර් රථයට යට වී මංගල පෙරහැර නරඹමින් සිටි කතුන් දෙදෙනෙක් මරුට

විවාහ මංගල උත්සවයක පෙරහැරක් නරඹමින් සිටිය දී මනාලයාගේ මෝටර් රථයට යටවීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගෝපාල්ගන්ජ් දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

මෙම අනතුරෙන් පෙරහැර නරඹමින් සිටි තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය බ්‍රහස්පතින්දා (06) මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක සහ 60ක කාන්තාවන් දෙදෙනෙක්.

පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු මෘත දේහයන් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ට භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?