මන්න කන්නාට වෙඩි තැබීමට ආ යතුරුපැදිකරු මාස 05කට පසු අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාරිමුත්තු ගනේශ් රාජා නොහොත් ‘මන්න කන්නා’ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු යතුරුපැදියෙන් රැගෙන ආ අපරාධ කල්ලි සාමාජිකයා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය සිදුව මාස පහකට පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

නාවුර් මිරාන් මිලාන් නොහොත් ‘සුදු’ නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගත අවස්ථාවේ සන්තකයේ තිබී හොරයින් මත්කුඩු ගෑම් 02 මිලිගෑම් 932ක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

වෙඩික්කරු කැඳවාගෙන ආ යතුරුපැදිය ද පොලිස් භාරයට ගැනීමට ද පොලිසියට හැකි වූ බවයි වාර්තා වුණේ.

බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ පාලම අසල සිදුකළ වැටලීමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්ව සිරගතව සිටින ‘පලනි රිමෝශන්’ නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත වෙඩික්කරු රැගෙන පැමිණි බවත් ඔහු නොහඳුනන බවත් පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන තව දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

2022 වසරේ නොවැම්බර් මස 19 වන දින ග්‍රෑන්ඩ්පාස්, නවගම්පුර දී සිදුකළ වෙඩි තැබීමකින් මන්න කන්නාගේ හිසට බරපතළ තුවාල සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21