මන්නාරම සුළං විදුලි බලාගාරයට අවශ්‍ය අවසාන ටර්බයින තොගය දිවයිනට

මේ වන විට වැඩකටයුතු ආරම්භ කර ඇති මන්නාරම සුළං විදුලි බලාගාරය සඳහා අවශ්‍ය අවසාන ටර්බයින තොගය දිවයිනට රැගෙන විත් තිබෙනවා.

මෙම ටර්බයින තොගය රැගත් නෞකාව ත්‍රිකුණාමල වරාය වෙත ළඟා වී ඇති බවයි වාර්තා වුණේ.

50 MW ධාරිතාවයකින් යුක්ත මෙම සුළං විදුලි බලාගාරයට අවශ්‍ය පළමු ටර්බයින තොගය මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන ආ අතර එම ටර්බයින මේ වන විට අදාළ ස්ථානයේ ස්ථාපනය කරමින් පවතිනවා.

2027 මාර්තු මාසය වන විට මෙම ව්‍යාපෘතිය අවසන් කර 50 MW ධාරිතාවකින් යුත් විදුලියක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.

බලාගාරය සක්‍රීය වීමෙන් පසු පොසිල ඉන්ධන ආනයනය සීමා වන නිසා වසරකට රුපියල් බිලියන 4.7ක පමණ විදේශ විනිමයක් රටට ඉතිරි කර ගැනීමට මෙම ව්‍යාපෘතිය හරහා අවස්ථාව උදා වනවා.

2030 වන විට මෙරට ජාතික විදුලිබල පද්ධතියෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීමේ ජාතික බලශක්ති ඉලක්කයට ළඟා වීමට මෙම බලාගාරය උපකාරී වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51