AFC Banner
Empty Ad
Empty Ad

මන්නාරමේ කලපුවක තිබි මළ සිරුරු දෙකක් හමුවෙයි

මන්නාරම,තිරුකේදීශ්වරන්,මාලිගේතිඩල් ගම්මානයේ කලපු සීමාවේ තිබී මළ සිරුරු දෙකක් ඊයේ(29) සොයාගත් බව මන්නාරම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ පදිංචි එම්.මහේන්ද්‍රන් නමැති 45 හැවිරිදි පුද්ගලයෙකුගේ හා මන්නාරම,වෙට්ටයාර්මුරිප්පු ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ඇන්තෝනිපිල්ලේ දේවශංකර් නමැති පුද්ගලයෙකුගේ මළ සිරුරු එලෙස හමුව ඇති බවයි.

නීති විරෝධි අයුරින් මාර්ගයේ පවතින විදුලි රැහැන්වලින් විදුලිය ලබා ගැනීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට විදුලිසැර වැදීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූවේ මාර්ගයේ පවතින විදුලි රැහැන් පළුදු කොට ඊට ඇණයක් ගසා කුඹුරකට විදුලිය ලබා ගැනීමට ගිය අවස්ථාවේ අනතුර සිදුව ඇති බවයි.

පොලිසිය පැවසූවේ හමුවු මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?