මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ; මෙම මන්ත්‍රීවරයා ව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදා හරිමින් සිටින අවස්ථාවේ දීයි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දෙමළ ජාතික ජනතා සන්ධානය විසින් ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට පසුගිය දිනවල උතුරු – නැගෙනහිර පළාත්හි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබුණා.

ඊට පොලිසියෙන් දැඩි බලපෑම් එල්ල වූ බවයි, පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
11
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !