ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය තමා වෙත ලැබී ඇති බව කතානායකවරයා අද (06) පාර්ලිමේන්තුවට දන්වනු ලැබුවා.
මෙම පනත් කෙටුම්පතෙහි කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිඳු විධිවිධානයකට අනනුකූල නොවන බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බවයි කතානායකවරයා සඳහන් කළේ.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (06) දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි කතානායකවරයා යෝජනා කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
+1
20
+1
+1
3
+1
2
+1
4



