මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සංදේශයක්

ලෝකයේ යුදමය තත්ත්වයන් අවම කිරීමට සහ ආගමික මතවාද පදනම්ව සිවිල් ජනතාව ඝාතනය කරනු ලබන ත්‍රස්ත කණ්ඩායම්වලට විරුද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ස්තූතිවන්ත වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් සංදේශයක් යොමුකර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් එම සංදේශය අද (07) මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙතට පැමිණ එම සංදේශය භාර දෙනු ලැබුවා.

ඇමෙරිකානු තානාපති කාර්යාලය මඟින් එලෙස භාරදුන් සංදේශය සඳහා ධනාත්මක පිළිගැනීමක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
10
+1
0
+1
1
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?