රිය අනතුරකට ලක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ රථයේ තිරිංග පද්ධතියේ ගැටලුවක් ඇති බවත්, තිරිංග නිසි නඩත්තුවක් සිදුකර නොමැති බවත් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් පවසනවා.
පොලිසියට ලැබුණු, අනතුරට ලක්වූ වාහනයේ පරීක්ෂණ වාර්තාව මඟින් මේ බව අනාවරණය වී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඒ, අනුව මන්ත්‍රී අශෝක රන්වල වෙත එල්ල වී ඇති චෝදනාවලට අමතරව යාන්ත්‍රික දෝෂය නිසි පරිදි කළමණාකරණය නොකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මන්ත්‍රීවරයාගේ රුධිර සම්පාල කොළඹ ජාතික රෝහලෙන් ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති බවත් මෙන්ම එම වාර්තාව ලද විගස ඉදිරි නෛතික කටයුතු සිදුකරන බවයි ඔහු සඳහන් කර සිටියේ.















