මන්ත්‍රීවරු ආරක්ෂාවට පිස්තෝල ඉල්ලයි

ආරක්ෂාව සඳහා පිස්තෝල ගිනි අවි ලබා දෙන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිපි භාරදී තිබෙනවා.

ඒ, විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයා මාර්ගයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ පසුබිමකදීයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙරේදා (30) පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පාර්ලිමේන්තුවේ දී පැවැත් වුණා.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙම සාකච්ඡාවේ දී කථානායකවරයා සහ පොලිස්පතිවරයා ද එකඟතාව පළ කළ බවයි වාර්තා වුණේ.

මේ අතර තර්ජන සම්බන්ධයෙන් සිදුකරන විශ්ලේෂණයකින් පසුව මන්ත්‍රීවරුන්ට ගිනිඅවි නිකුත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?