spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මන්කිපොක්ස් පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාව තුළත් පහසුකම්

මේ වනවිට යුරෝපය ඇතුළු රටවල් රැසක පැතිර යන මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට මෙරට තුළ පහසුකම් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් මේ බව පවසා ඇති අතර එම පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඉදිරි සතිය තුළ ලැබෙනු ඇති බවයි ඔහු එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ.

මේ වනවිට ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව ආදී රටවලින් වඳුර උණ ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.


ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය මේ වනවිටත් යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?