මදුරු රජදහනක් වූ නුගේගොඩ බස් නැවතුම සහ සුපිරි වෙළෙඳ සංකීර්ණය (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ අගනුවර ප්‍රධානම බස් නැවතුම්පොළ වන නුගේගොඩ බස් නැවතුම්පොළ සහ සුපිරි වෙළෙඳ සංකීර්ණය මදුරුවන බෝකරන රජ දහනක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

නුගේගොඩ පිහිටි ප්‍රධාන පෙළේ පාසල්වල දරු දැරියන් මෙන්ම උපකාරක පංති සඳහා සහභාගීවීමට පැමිණෙන දහස් ගණනක් දරු දැරියන් නිරන්තරෙන් ගැවසෙන මෙම ස්ථානයේ ඇති මදුරු උල්පත ගැන බලධාරීන් කොතෙක් දැනුවත් කළද ඔවුන් එය නෑසුන්කන්ව සිටීම විමතියට කරුණක්.

එපමණක් නොව වත්මන් මාලිමා ආණ්ඩුවේ මෙන්ම සෙසු පක්ෂ විපක්ෂ සිය ජයග්‍රාහී රැළි පැවැත්වීමට තෝරාගන්නා ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේ මායිම ද මෙයයි.

එවැනි ප්‍රසිද්ධ ස්ථානයක මේ ආකාරයේ මදුරු රජදහනක් පැවතීම තුළ මහජනතාවගේ ජීවිතවලට එල්ල වී ඇත්තේ සුලු පටු තර්ජනයක් නොවෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?