AFC Banner
Empty Ad
Empty Ad

මතීෂ වෙනුවට චමීර ශ්‍රී ලංකා කණ්ඩායමට

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වනවා.

ඔහුගේ දකුණු උරහිසේ ඇතිව තිබෙනවා ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් මතීෂට මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුවන බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර මතීෂ පතිරණව ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව ද සඳහන්.

ඒ, අනුව මතීෂ වෙනුවට මේ වනවිට අතිරේක ක්‍රීඩකයෙක් ලෙස සංචිතයේ රැඳී සිටින වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවීමට නියමිතයි.

ආබාධයකට ලක්ව සිට සුවය ලැබීමෙන් පසු දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතය සමඟ පසුගිය දා එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
0
+1
16
+1
5
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?