ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ 2026 අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් නිදහස් කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සූදානම් වන බව වාර්තා වාර්තා වනවා.
2023 අයි.පී.එල් තරගාවලියට පෙර මිලදී ගෙන 2025 ක්‍රීඩක වෙන්දේසියට පෙර ඉන්දීය රුපියල් කෝටි 13 කට මතීෂව රඳවා ගන්නට කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් පසුගිය කාලය තුළ මතීෂට විස්සයි විස්ස පිටියේ එතරම් දක්ෂතා අතරට පිවිසීමට ඔහුට හැකියාව නොලැබුණු අතර, පසුගිය සැප්තැම්බර් මාසයේ දී අවසන් වරට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ මතීෂ පසුගිය කාලයේ ආබාධවලට ද ලක් වුණා.
මේ අතර එවකට නායක චෙන්නායි සුපර් කිංග්ස් එම්.එස් දෝනි අනතුරු අඟවා තිබුණේ පතිරණට දිගු වෘත්තීය ජීවිතයක් ගත කිරීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහුව ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතු බවයි.
මේ අතර අයි.පී.එල් සියලුම කණ්ඩායම් අද (15) පස්වරු 3.00 වනවිට ඔවුන්ගේ ක්‍රීඩක රඳවාගැනීම් සහ මුදාහැරීම් සහ වෙළඳ ගනුදෙනු නිල වශයෙන් නිවේදනය කළ යුතු වනවා.





