මතීෂගෙන් IPL පිටියේ සුපිරි පන්දු යැවීමක් – චෙන්නායි පිළට 192ක ඉලක්කයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය මේ වනවිට විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් බිඳ වැටී ලකුණු 191ක් රැස් කළා.

එහිදී ආරම්භ පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 52ක් සහ නායක රිෂාබ් පාන්ට් වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 32ක් තුළ ලකුණු 51ක් රැස් කිරීමට සමත් වුණා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ සිය පන්දුවාර 04 තුළ ලකුණු ලකුණු 31කට දිල්ලි ඉනිමේ වටිනා කඩුලු 03ක් දවාගත්තා.

ඊට අමතරව මුස්තාෆිසුර් රහ්මාන් සහ රවීන්ද්‍ර ජඩේජා එක් කඩුල්ල බැඟින් බිඳ දැමුවා.

මෙම තරගයේ දී ඩේවිඩ් වෝනර්ගේ දවාගැනීම වෙනුවෙන් මතීෂ පතිරණ රැකගත් සුපිරි උඩ පන්දුව පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 192ක ඉලක්කයක් පන්දු 120ක් තුළ හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
32
+1
2
+1
33
+1
8
+1
1
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?