මත් ජාවාරමෙන් දේපළ උපයාගත් ජාවාරම්කාරියක් අත්අඩංගුවට – කෝටි ගණනක දේපළත් ක්‍රියා විරහිත කරයි

නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් ලද දේපළ හා වත්කම් මිලදී ගැනීම සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සැකකාරික් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ 14, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් දේපළ හා වත්කම් උපයාගෙන ඇති බවට පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව එම විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලට අදාළවයි.

එම කොට්ඨාසය මඟින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු එම වත්කම් හා දේපළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා විරහිත කර ඇති අතර, මීගමුව හා කොළඹ මහාධිකරණ මගින් ක්‍රියා විරහිත කිරීම දීර්ඝ කර තිබෙනවා.

එලෙස ක්‍රියා විරහිත කර ඇති දේපළ අතර,

ජා ඇල ප්‍රදේශයේ ලක්ෂ 14 ක් වටිනා පර්චස් 8.66 ඉඩම
බැංකු ගිණුම් 06 ක ගිණුම් ගත කර තිබූ රුපියල් ලක්ෂ 59 ක මුදල
කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 225 ක් වටිනා කඩ කාමර 03
කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 75 ක් වටිනා කඩ කාමර 01
කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 200 ක් වටිනා තෙමහල් නිවස සහිත ඉඩමක් අයත්.

ඒ, අනුව මෙම දේපළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද දේපල බවට විමර්ශනයේ දී අනාවරණය වීම හේතුවෙන් වයස අවුරුදු 53 ක් වන සැකකාරිය ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03