මත් කරල් 423,000ක් අත්අඩංගුවට (ඡායාරූප)

නොරොච්චෝල ප්‍රදේශයේදී මත් කරල් 423,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් සහ නාවික හමුදා ඒකාබද්ධ මාර්ග බාධකයේදීයි අද අලුයම මෙම වැටලීම සිදුකර ඇත්තේ.

නොරොච්චෝල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මාර්ග බාධකයේදී කල්පිටිය සිට පාලවිය දෙසට ගමන් ගත් වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම මත් කරල් තොගය හමුවී තිබෙනවා.

මෙම මත් කරල් තොගය නීති විරෝධී ලෙස ඉන්දියාවෙන් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් අලේවි කිරීම සඳහා රැගෙන යමින් තිබී ඇතැයි සඳහන්.

ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 500 කට අධික බවටයි හෙළිවී ඇත්තේ.

මෙම අධි වේදනා නාශක කරල් පාසල් සිසුන් සහ තරුණයින් ඉලක්ක කරමින් අලෙවි කරන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙක්. ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර නොරොච්චෝල පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.

මේ අතර නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 800ක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ සවස මෙම වැටලීම සිදු කරනු ලැබුවේ කොල්ලුපිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි.

32 හැවිරිදි සැකකරු චීන ජාතිකයෙක්. ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12