මත්පැන් අලෙවිසැලේ ගුටි කෙළියෙන් දෙදරු පියා මරු වැළඳගනී

වව්නියාව, පූන්තොට්ටමු ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක දී අද (20) ඇති වූ ගැටුමක දී සිදුකළ පහරදීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

පුද්ගලයින් දෙදෙනෙක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, මෙලෙස මිය ගොස් ඇත්තේ වව්නියාව, මහරම්බකුලම් ප්‍රදේශයේ පදිංචි තංගරාසා ප්‍රදීපන් නැමති 36 හැවිරිදි දෙදරු පියෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් නිවසක සැඟව සිටිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා අද (20) දහවල් මත්පැන් අලෙවිසැලට පැමිණ ඇති අතර, එහිදී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වව්නියාව පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?