මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සමඟ පොරබැදූ පොලිස් නිලධාරියා මරුට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකු හදිසියේ බිම ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඒ කන්තලේ 96 මොල්ලිපතාන ප්‍රදේශයේදීය.

මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, සැකකරුවන් සමග ඇතිවූ පොරබැදීමෙන් අදාළ පොලිස් නිලධාරියා ඇදවැටී ජීවිතක්ෂයට පත්වී ඇති බවය.

මියගිය පොලිස් නිලධාරියා, මොහොමඩ් තාරික් නැමැති 49 හැවිරිදි පුද්ගලයෙකි.

සැඟව සිටි 22 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා අත්අඩංගුවට ගත් බව කන්තලේ පොලීසිය පැවසීය.