මත්ද්‍රව්‍ය මඩින මෙහෙයුමේ දී නාකොටික් එකෙන් ඉහළ දායකත්වයක්

මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා රජය ආරම්භ කළ “රටක එකට” ජාතික මෙහෙයුම මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් සිදුකරන මෙම ජාතික මෙහෙයුම සඳහා රාජ්‍ය අංශයේ සියලුම ආයතන එක්ව සිටිනවා.

මෙම මත්ද්‍රව්‍ය මර්ධනය මෙහෙයුම් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් හිමිවන්නේ ඉහළ දායකත්වයක්.

නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, පසුගිය ඔක්තෝම්බර් මාසයේ මුල ඔහු එම තනතුර සඳහා පත්කරනු ලැබුවා.

අශෝක ධර්මසේන මහතා එම තනතුර සඳහා පත්වීම් ලබා දින දෙකක කාලයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 2,047 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව හෙරොයින් සමඟ පුද්ගලයින් 758ක්, අයිස් මත්ද්‍රව්‍ය සමඟ 684ක් සහ ගංජා සමඟ පුද්ගලයින් 495 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු පිරිසට අයත්.

ඉන් සැකකරුවන් 41 දෙනෙකු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් වන අතර, රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.

කෙසේ වෙතත් පසුගිය ජුනි මාසයේ සිට ඔක්තෝම්බර් මස මුල දකවා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ සිදුකළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 927ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 866ක් පමණයි.

එමෙන්ම එම මත්ද්‍රව්‍යවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් සංඛ්‍යාව 85ක්.

මේ අතර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී තනතුරට පත්වී මුල් සති තුන තුළ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම්වල දී හෙරොයින් කිලෝග්‍රෑම් 157ක් සැකකරුවන් 46ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 675ක් සමඟ සැකකරුවන් 74ක් සහ ගංජා කිලෝග්‍රෑම් 06ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48


?