මත්ද්‍රව්‍ය මඩින මෙහෙයුමේ දී නාකොටික් එකෙන් ඉහළ දායකත්වයක්

මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා රජය ආරම්භ කළ “රටක එකට” ජාතික මෙහෙයුම මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් සිදුකරන මෙම ජාතික මෙහෙයුම සඳහා රාජ්‍ය අංශයේ සියලුම ආයතන එක්ව සිටිනවා.

මෙම මත්ද්‍රව්‍ය මර්ධනය මෙහෙයුම් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් හිමිවන්නේ ඉහළ දායකත්වයක්.

නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, පසුගිය ඔක්තෝම්බර් මාසයේ මුල ඔහු එම තනතුර සඳහා පත්කරනු ලැබුවා.

අශෝක ධර්මසේන මහතා එම තනතුර සඳහා පත්වීම් ලබා දින දෙකක කාලයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකකරුවන් 2,047 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයක්.

ඒ, අනුව හෙරොයින් සමඟ පුද්ගලයින් 758ක්, අයිස් මත්ද්‍රව්‍ය සමඟ 684ක් සහ ගංජා සමඟ පුද්ගලයින් 495 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු පිරිසට අයත්.

ඉන් සැකකරුවන් 41 දෙනෙකු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් වන අතර, රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටිනවා.

කෙසේ වෙතත් පසුගිය ජුනි මාසයේ සිට ඔක්තෝම්බර් මස මුල දකවා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ සිදුකළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 927ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 866ක් පමණයි.

එමෙන්ම එම මත්ද්‍රව්‍යවලට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් සංඛ්‍යාව 85ක්.

මේ අතර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධානී තනතුරට පත්වී මුල් සති තුන තුළ දී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම්වල දී හෙරොයින් කිලෝග්‍රෑම් 157ක් සැකකරුවන් 46ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 675ක් සමඟ සැකකරුවන් 74ක් සහ ගංජා කිලෝග්‍රෑම් 06ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38