AFC Banner
AFC Banner
Empty Ad

මත්ද්‍රව්‍ය භාවිත කර පුනරුත්තාපනය වූ තරුණයෙක් මත්ද්‍රව්‍ය සමග අල්ලයි

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පුනරුත්ථාපනය වූ 17 හැවිරිදි තරුණයකු සහ තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග ගංජා කිලෝ එකහමාරක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්8 ක් හා මත්පෙති 380ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

පුද්ගලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය රැගෙන තලංගම බණ්ඩාරවත්ත හන්දියට පැමිණ ඇති බවට තලංගම පොලිසියට ලද තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකර තිබෙනවා.

මෙහිදී 17 හැවිරිදි තරුණයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ මත් පෙති අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු සන්තකයේ තිබී ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

මත්ද්‍රව්‍ය පානයට දැඩි ලෙස ඇබ්බැහිව සිටින අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයා මීට වසර 2කට පමණ ඉහතදී පුනරුත්ථාපන කඳවුරක රඳවා සිට පැමිණි පුද්ගලයකු බව ද හෙළිවී තිබෙනවා.

අනෙක් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ දීර්ඝ කාලයක සිට නිරතව සිටි අයෙක් බවටයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දුන් පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරනවා.

සැකකාර 17 හැවිරිදි තරුණයා අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් 51 හැවිරිදි අනෙක් පුද්ගලයා බත්තරමුල්ල දදුටුගැමුණු මාවතේ පදිංචි කරුවෙක්.

සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?