මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී ශ්‍රී ලංකා නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකරුවන් පස්දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40ක පමණ තොගයක් ඇති බවටයි නාවික හමුදාව සැකපළ කරන්නේ.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් නාවික සැතපුම් 110ක් (කි.මී. 200ක්) පමණ ගැඹුරු මුහුදේ දී මෙම මෙහෙයුම ඊයේ (16) සිදුකර තිබෙනවා.

අදාළ ධීවර යාත්‍රාව සහ සැකකරුවන් නාවික හමුදාව විසින් මේ වනවිට ගොඩබිමට රැගෙ එමින් සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?