මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහිදී යාත්‍රාවේ සිටි පුද්ගලයින් හය දෙනෙකු ද නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ එක්ව එම වැටලීම සිදුකර තිබෙනවා.