මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ඕනෑම පාර්ශ්වයක් වෙත දැඩි නීතිමය පියවර – අරුණ ජයසේකර (වීඩියෝ)

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන ඕනෑම පාර්ශ්වයක් වෙත දැඩි නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසනවා.

ඊයේ (27) රාත්‍රියේ දී ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹූරු මුහුදේ දී, නාවික හමුදා භාරයට ගැනුණු බහුදින ධීවර යාත්‍රා දෙකෙහි තිබූ මත්ද්‍රව්‍ය තොගය සමග සැකකාර ධීවරයින් 11 දෙනා අද දහවල් දික්ඕවිට වරාය වෙත රැගෙන ආ අවස්ථාව නිරීක්ෂණය කිරීමට එක්වෙමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ කලාපීය මෙහෙයුම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් මගින්, මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම තවමත් ගණනය කරමින් සිටින බව ද නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළා.

එම බහුදින ධීවර යාත්‍රා දික්ඕවිට වරාය‍ට රැගෙනවිත්, අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහාය ද සහිතව සිදු කළ වැඩිදුර පරීක්‍ෂාවේදී, ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් සහ අයිස් බවට තහවුරු කරගත්තා.

දැනට සිදු කෙරෙන පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත්තේ, මෙම ධීවර යාත්‍රාවල මත්ද්‍රව්‍ය ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 600කට වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවටයි.

එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා නාවික හමුදාධිපති සහ වැඩබලන පොලිස්පතිවරයා ද සහභාගී වී සිටියා.

එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34