මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා ලැබූ තිදෙනෙකුට මරණ දඬුවම

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළා.

2018 -12 – 05 දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව බේරුවල මුහුදු තීරයේ දී වැටලීමක් සිදුකර තිබුණා.

එහිදී විදෙස් යාත්‍රාවකින් ලබාගත් හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී මෙම ජාවාරමට සම්බන්ධ තවත් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණ අංක 01 විනිසුරුවරයා විසින් සැකකරුවගෙන් සැකරුවන් තිදෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියමකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?