මත්ද්‍රව්‍ය ගැටලුවකට මහින්ද රාජපක්ෂ අත දැමූ හැටි ඇමති වසන්ත හෙළිකරයි

රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන් සඳහා වන දිවයිනේ පළමු අතරමැදි පූර්ව ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (12) මිහින්තලය සිවිල් ආරක්ෂක පුහුණු පාසලේදී ආරම්භ වී තිබෙනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ මෙම පුනරුත්ථාපන අතරමැදි මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවා.

අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයේන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර මෙම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂක ශාන්ත ගමගේ සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගැටුම්වලටද රජය මැදිහත් වුණු බවත්, ග්‍රෑම් ගණනින් හමුවූ මත්ද්‍රව්‍ය අද කිලෝ ගණනින් හමුවන බවත් මෙය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ප්‍රධානම ඉලක්කය බවයි.

”මීගමුවේ නිමල් ලංසලයි ගෙදරට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හෙල්කොප්ටර්යෙන් යන්නේ නිකන් නෙවෙයි. ඒ කුඩු පාතාලේ ප්‍රශ්නයක් බේරන්න, ඒකතමයි අපේ රට තිබිච්ච තැන. බෝට්ටුවෙන් අරන් එන බඩු ටික, වෙන කෙනෙකුට ආපුවා ලංසාගේ කට්ටිය පැහැර ගන්නවා. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය මන්ත්‍රීවරයෙක් හිටපු කෙනෙක්, මේ ක්‍රියාවලියේ කොටස්කරුවන්.”යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04