මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අතිරේක ජංගම රසායනාගාර දෙකක් එක්කර ගැනීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධ මෙහෙයුම් දැනටමත් රට පුරා තීව්‍ර කර ඇති බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළේ.
මෙම මෙහෙයුම්වලට අදාළව කොළඹ බැස්ටියන් මාවතේ දී රියදුරන් 57 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර, පරීක්ෂාවට ලක් කළ රියදුරන්ගෙන් 10 දෙනෙකු විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
මාර්ග ආරක්ෂාව සහතික කිරීම සඳහා ස්ථානීය පරීක්ෂණ පැවැත්වීමට මෙම ජංගම ඒකක ඉතා වැදගත් බවයි එම සභාවේ සභාපතිවරයා අවධාරණය කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



