මත්කුඩු සමඟ කාන්තාවක් පොලිස් දැලේ

ඊයේ (02) වන පුත්තලම මන්දකාඩු වත්ත , නාගවිල්ලුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 08 මිලිග්‍රෑම් 600 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන පුත්තලම පොලිස්ථානය වෙත ඉදිරිපත්කර ඇත .

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 40 ක් වන මන්දකාඩු වත්ත , නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකාරියකි .

ඇය අද(03) පුත්තලම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය . පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .