මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු STF

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද (10) පෙරවරුවේ සිදු කළ වැටලීමකින් නීතිවිරෝධී මත්පෙති ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම – එරුක්කලන්පිඩිය, 05 කණුවේ දී බවයි පැවසෙන්නේ.

එහි දී බලපත්‍රයක් හෝ වෛද්‍ය නිර්දේශයක් නොමැති ව PREGAB 150mg මත්කරල් 550ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පේසාලේ ප්‍රදේශයේ පදිංචි අවුරදු 28 ක පුද්ගලයකු මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?