මට එහෙම නම් චන්දිට කොහොම ඇත්ද ? පියුමි හඬ අවදි කරයි

පියුමි හංසමාලි කියන්නෙ නිරූපණ ශිල්පිනියක් වගේම, රංගන ශිල්පිනියක් විදිහටත් බොහෝ දෙනාගේ ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක දේ පළ කරන පියුමි පසුගිය දවසක නතාශා පෙරේරා “සුදුවීම” ගැන කියූ ප්‍රකාශයක් බොහෝ පිරිසකගේ අවධානයට ලක්වුණා.

කොහොම වුණත් යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වුනු පියුමි නැවත වතාවක් තමා කළ ප්‍රකාශය ‘සත්‍ය’ බව සඳහන් කර සිටියා. මේ තියෙන්නෙ පියුමිගේ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව.

පියුමිගේ ඉන්ස්ටග්රෑම් එකට මොකද වුණේ ?

ඉන්ස්ටා එකවුන්ට් එක මාස තුනක් මගෙ අතින් ගැලවුණා.. ඇපිල් කරලා තියෙන්නේ. තාම ආවේ නෑ. ඉන්ස්ටා එකට ගොඩක් රිපෝට්ස් වදිනාවා. අපේ අය හරි ඉරිසියයිනෙ..

මොකද්ද අර පුෂ්පිකාට කිව්වා කියන නයි කතාව..? චන්දිමාල්ට එයාපෝර්ට් එකේ දී කිව්වා කිව්වේ ?

මට තිහකට කිට්ටුයි දැන්. සෑහෙන මිතුරු මිතුරියන් ඇසුරු කරලා තියනවා.. මම දන්නවා මේ අපිට හොඳ මූණ පෙන්නන් ඩලා, පණ කියනකොට මේ අය අපෙන් ප්‍රයෝජන ගන්නවා විතරයි කියලා. ඔය ප්‍රශ්නෙදි ඔයා විශ්වාස කරන්න චන්දිමාල් මාව බ්ලොක් කළා. ලාස්වේගස් වලදී. මම ආගිව් කළා කියලා. එයා මගේ හොඳම යළුවා. ඒ වෙලාවේ චන්දිමාල් ගත්තේ එයාගේ පැත්ත. හරි දුකයි මට ඒක. ඊට පස්සෙ ලංකාවට ආවම හැමදේම වෙනස් වුණා. මට එහෙම නම් චන්දිට කෝම වේදනාවක් ඇද්ද?